කඩදාසියක හා තෙලි තුඩක
ගෙන ලියන්නට කවියක් නුඹට
වචන නැත එතරම් මට...
කුමට නම් ගළපනු ද සොයුරු පෙම?
වචන ගෙන එළිසමය තබා
සොයුරන්ට මොන අන්ත ද
අමුතුවෙන් රකින්නට?
අනන්තයට එහා ගිය ආදරයක්
නොම වේද සොයුරු පෙම?
ඉතින් කවියක් මොට ද තව...
චූටි නංගියේ නුඹ ම කවියක් වූ කල...!
--------------------------------------------------------------------------------------------------------------------------
Poem By: Thushan Akalanka
Department of Linguistics
Faculty of Humanities